Get Mystery Box with random crypto!

☸THERAVADA☸

Logo of telegram channel theravadaya — ☸THERAVADA☸ T
Logo of telegram channel theravadaya — ☸THERAVADA☸
Channel address: @theravadaya
Categories: Religion
Language: English
Subscribers: 136
Description from channel

සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතිං ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”
ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධම්රතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

2


The latest Messages 3

2021-09-01 13:56:28
443 views10:56
Open / Comment
2021-09-01 13:55:26 THERAVADA pinned « අභිධර්මය ඉගෙන ගනිමු (Ep 4) සිත බෙදෙන හැටි චිත්තය -චෛතසිකය- රූපය- නිර්වාණය කියා පරමාර්ථ ධර්ම සතරක් ඇති බව ඉහත කියන ලදි ඒ සතරින් පළමු කොට උගත යුත්තේ සිත ගැනය. සිත සාමාන්‍යයෙන් එකකි. එහෙත් එය එකක් වශයෙන් ගෙන අභිධර්මය නූගැන්විය හැකිය. සිතේ සැටි උගැන්විය…»
10:55
Open / Comment
2021-09-01 13:10:24
මාර්ග ඵල ලාභින් ඒ ගැන කියනවාද
394 views10:10
Open / Comment
2021-09-01 06:07:36 අභිධර්මය ඉගෙන ගනිමු (Ep 4)


සිත බෙදෙන හැටි

චිත්තය -චෛතසිකය- රූපය- නිර්වාණය කියා පරමාර්ථ ධර්ම සතරක් ඇති බව ඉහත කියන ලදි

ඒ සතරින් පළමු කොට උගත යුත්තේ සිත ගැනය. සිත සාමාන්‍යයෙන් එකකි. එහෙත් එය එකක් වශයෙන් ගෙන අභිධර්මය නූගැන්විය හැකිය. සිතේ සැටි උගැන්විය හැකි වනු පිණිස මේ ධර්මයෙහි එක් ක්‍රමයකින් එය (89) අසූනවයකට ද, තවත් ක්‍රමයකින් (121) එකසීය විසි එකකට බෙදා තිබේ. සිත බෙදෙන්නෙ භූමි ජාති යනාදින් ගෙනි.

කාමාවචරාදි සිත් සතර කොටස

සමාන්‍යයෙන් එකක් වු "කාමාවචර" සිතය "රූපාවචර" සිතය, "අරූපාවචර" සිතය, "ලෝකෝත්තර" සිතය කියා භූමින් ගෙන් වශයෙන් සතර කට බෙදනු ලැබේ.

අපාය සතරය, මිනිස් ලොව ය, දිව්‍ය ලෝක සයය යන මේ එකළෝසට කාම භූමි යයි කිය නු ලැබේ. ඒ එකළොස් වැදෑරුම් කාම භූමියෙහි බොහෝ සෙයින් ඉපදිම නිසා කාම භූමියට අයත්වන සිත කාමාවචර නම් වේ.

පසළොස් වැදෑරුම් රූප භූමියෙහි බොහෝ සෙයින් ඉපදි ම නිසා රූප භූමියට අයත් සිත රූපාවචර නම් වේ.

අරූප භූමි සතරෙහි බොහෝ සෙයින් ඉපදිම නිසා අරූප භූමියට අයත් සිත අරූපාවචර නම් වේ.


ලෝකෝත්තර භූමියක් ගැන කියතත් ලෝකෝත්තර භූමි යයි කියා තැනක් නැත. මේ චිත්ත විභාගයේ දි ලෝකෝත්තර ධර්මයන්ට ම ලෝකෝත්තර භූමිය යි කියනු ලැබේ. කියන ලද භූමි තුනට අයත් නැති ලෝකෝත්තර භූමියට අයත් සිත ලෝකෝත්තර නම් වේ.

ඇතැම් කාමාවචර සිත් රූපාරූප භූමීන්හි ද ඇති වේ.එසේම ඇතැම් රූපාවචර සිත් කාමාවචර භූමියෙහි ද ඇති වේ.මේ සිත්වලට කාමාවචරාදි නම් දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ ඒ භූමිවල ඇතිවිම සලකාගෙනය. කාමාවචර සිතක් රූපාරූප භූමිවල ඇති වන කල්හි ද එයට කාමාවචර යන නාමය ම කියනු ලැබේ. රූපාවචර අරූපාවචර සිත් කාම භූමියෙහි ඇති වන කල්හි ද ඒවාට රූපාවචර අරූපාවචර යන නම් කියනු ලැබේ. ලෝකෝත්තර සිත් ඇති වන්නේ ද කාම රූප අරූප යන භූමි තුනෙහි ම ය . එහෙත් ඒ සිත් ඒ භූමිවලට අයත් නො වන බැවින් ඒවාට ලෝකෝත්තර යන නාමය ම ව්‍යවහාර කරනු ලැබේ.


️කාමාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් කාම ලෝකයෙහි උපදනා සිතය යනුයි.

රූපාවචර සිත යන්නෙහි තේරුම,බොහෝ සෙයින් රූප ලෝකයෙහි උපදනා සිතය යනුයි


අරූපාවචර සිත යන්නෙහි තෙරුම, බොහෝ සෙයින් අරූප ලෝකයෙහි උපදනා සිතය යනුයි


ලෝකෝත්තර සිත යන්නෙහි තෙරුම,ලෝකය ඉක්මවන්නා වු ද, ලෝකය ඉක්ම සිටියා වු ද සිතය ය නුයි.


කාමාවචචරාදි සිත් තවත් ක්‍රමවලින් බෙදෙනු ලැබේ. බෙදෙන ක්‍රම ඒ ඒ තැන්වල දි දැන ගත හැකි වනු ඇත. එසේ බෙදු කල්හි කාමාවචර සිත් (54) සිව්පනසක් වේ. රූපාවචර සිත් (15) පසළොසෙක් වේ. අරූපාවචර සිත් (12) දොළොසෙක් වේ. ලෝකොත්තර සිත් කෙටි ක්‍රමයෙන් (08) අටක් ද ,විස්තරා ක්‍රමයෙන් (40) සතළිසක්ද වේ. සියල්ල එකතු කළ කල්හි කෙටි ක්‍රමයෙන් (89) අසූනවයක් වේ. විස්තරා ක්‍රමයෙන් (121) එකසිය විසි එකක් වේ.



රේරුකානේ චන්දවිමල මහනාහිමි- අභිධර්ම මාර්ගය
486 views03:07
Open / Comment
2021-08-31 12:29:16
අභිධර්මය දේශනාව ට තව්තිසා භවනට වැඩම කලේ ඇයි
411 views09:29
Open / Comment
2021-08-31 08:50:34
අසුරු සැනකින් අප තුල සිත් කීයක් පහළ වෙනවද
423 views05:50
Open / Comment
2021-08-31 07:28:49 THERAVADA pinned « අභිධර්මය ඉගෙන ගනිමු ( Ep 3) පරමාර්ථ සතර සත්වයන් සහිත වු මේ ලෝකය ඉතා සියුම් ලෙස විභාග කළා ම අන්තිමට ම ලැබෙන ඉතාම සියුම් ස්වභාවයෝ පරමාර්ථ ධර්ම යෝ ය.ලෝකයට අයත් සියල්ලේම මූලික ධර්ම යෝ පරමාර්ථ යෝ ය. ඒ වා ගල් කැට මැටි කැට ආදිය බඳු ද්‍රව්‍යයන් නොව, බල වේගයෝය…»
04:28
Open / Comment
2021-08-31 07:28:17 දානයේ ආනිසංස


සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ.

️දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.

ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ.

මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.

යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේ.


එසේම දානානිසංස සූත්‍ර‍යට අනුව,

ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.

️තව ද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට ද මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

පින්වතුනි, තව ද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත්‍රයට අනුව මෙසේ ය.


සත්පුරුෂ දාන ආනිසංස පහ

️ශ්‍රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් ශ්‍රද්ධාවෙන් ම දන් දෙත්වා !

️සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුත්‍රයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)

ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.

️ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.

තමා ද අන් අය ද වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා ය.


සත්පුරුෂ පින්වතුනි! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ

තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.

තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.

තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.

තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.

ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව කරුණු පෙන්වා දෙමි.

(ධම්ම පදට්ඨ කථා 46 පිටුව)
160 views04:28
Open / Comment