Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 40

2021-10-22 07:30:03 ඔයා ඇත්තටම ජීවත් වෙන්නෙ ඔයාට ඕනි විදියට ද.....?ඔයා කරන්නෙ ඔයාට කැමති දේවල් ද.....?

කොණ්ඩෙ පාට ක​ළොත් , නහයට කරාබුවක් දැම්මොත් මාව නැට්ටිච්චියෙක් කියලා හිතයිද ...?

පච්ච ගැහුවොත් , කන් දෙකට කරාබු දැම්මොත් මාව රස්තියාදුකාරයෙක් වගේ පේයි ද ...?

මේ වගේ දහසකුත් දේවල් හිතලා තමන් ආස දේවල් යටපත් කරන් ඉන්න අය කොයි තරම් නම් ඉන්නවද.... ?

මේ වගේ දේවල් නෙමෙයි විතරක් නෙමෙයි.....සමහර ගෑනු ළමයි ඉන්නවා ජොබ් එකකට ගියොත් මාව මැරි කරන්න කෙනෙක් නැති වෙයි කියල ඉගෙන ගත්තු හැමදේම පැත්තක දාලා ගෙදරට නාකි වෙන......

සමහර පිරිමි ළමයි ඉන්නව ජොබ් එකක් නැති උනොත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ කියල ඉගෙනීම පැත්තක දාල ජොබ් හොයන්න දඟලන.....

සමහරු තමන් කැමති දෙයක් ගැන කතා කරන්නවත් බයයි සමාජෙන් කොන් වෙයි කියලා..... .

හිතන්න........එහෙම තමන් නොවන වෙන කෙනෙක් විදිහට තමන්ගේ ආසාවන් හංගන් ජීවත් වෙද්දි සතුටක් තියෙයිද.... ? සැනසීමක් තියෙයිද ..... ?

ආසාවන් හන්ගන් හිතේ හිරකරන් සමහරු ජීවත් වෙනවා ........ඒත් හිතන්නෙවත් නැති මොහොතක ඒ හිතේ හිර කරන් හිටපු හැඟීම් පිපිරිලා යනවා.....

සතුටින් හිනාවෙවී හිටපු එකෙක් පහුවෙනිදා එල්ලිලා මැරිල කියල ආරන්චි වෙන්නෙ ....මැරි කරපු කපල් මාස දෙකෙන් ඩිවෝස් වෙන්නෙ ....අහින්සක පොඩි එවුන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නෙ ....අන්න එහෙම ලෝකෙට පේන්න ජීවත් වෙන්න උත්සහ කරල තමන්ගෙ කැමැත්ත බලෙන් යටපත් කරගත්තු උදවිය තමයි.......

අපි සමාජය ගැන හිතන්න ඕනි තමයි ......විශේෂයෙන්ම අපේ හැසිරීමක් මගින් සමාජයට බාධාවක්, හානියක්, හිරිහැරයක් වෙනව නම් අන්න ඒ ගැනයි අපි හිතන්න ඕනි.....

නැතුව ඔයා මේ සමාජයට අබමල් රේණුවකින්වත් හිරිහැරයක් නොවෙන කාරණා ගැනත් අනවශ්‍ය විදියට හිතලා ඔයාගේ ජීවිතේ සීමා කරගන්න එක නෙමෙයි කරන්න ඕනි....

 ජීවිතේ අයිති ඔයාට....ඒක විඳින්න අයිතිය තියෙන්නෙ ඔයාට.....එහෙම එකේ කාගෙවත් ඕනෑකමට ඔයාගෙ ජීවිතේ විඳින එක නතර කරන්න ඕනි ද......
තීරණය ඔබ සතුයි.......


By ᗰᖇTᕼIᑎKIᑎG

@best_m_otivation
#motivation
#questions
#lifetips
#ᗰᖇTᕼIᑎKIᑎG
1.6K views04:30
Open / Comment
2021-10-09 13:45:19 2021/10/08

පොඩ්ඩක් මතක් කරල බලපන් උබේ පොඩි කාලේ

උබ සෙල්ලම් කරපු විදිය

හිනා උන විදිය

උබ මොන වගේ දේවල් ගැනද හිතුවේ

කව්රු වෙන්නද ආස කලේ

ඇත්ත්ටම ඒ කාලේ අපි හරි නිදහස්

ඔලුවේ කිසිම ප්‍රශ්නයක් නැ

ගොඩක් නිදහසේ ජිවත් උනා

අම්මලා දෙන දෙයක් කාලා

අපි ආස දේවල් අම්මලගෙන් ඉල්ලගෙන

සේල්ලම් බඩු අරගෙන අපි සෙල්ලම් කලා

හැබැයි අපි පරිණත වෙන්න පරිණත වෙන්න අපිට ඒ දේවල් වලින් ඇත් වෙන්න වුනා නේද

අපේ අශාවන් සංකිර්ණ වුනා

අපේ බලාපොරොත්තු වැඩි වුනා

හීන වැඩි වුනා

හැගිම් වෙනස් වුනා

කලෙන් කාලෙට අපි ශරිර ප්‍රමාණයෙන් වෙනස් වුනා

වගේම අපේ මනසිනුත් අපි වෙනස් වුනා

හැමදාම එකම තැන කැරකෙන්නයි අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ

හරියට නිකන් වදුරෙකුට කෙසෙල් ගෙඩි දෙකකුයි සල්ලි දුන්නම ඌ තෝරගන්නේ කෙසෙල් ගෙඩිය වගේ වැඩක්

මොකද ඌ දන්නේ නෑ සල්ලි වලින් කෙසෙල් ගෙඩි ගොඩක් ගන්න පුලුවන් බව කියලා

දැන් අපි තෙරුම් ගන්න ඕනේ,

අපි ඉන්නේ පොඩි කාලේ නෙමේ

ඒ මානසිකත්වය නෙමේ අපිට තියෙන්නෙ

අපිට දැන් වැඩක් කරන්න ඕනේ

හරි තීරණ ගන්න ඕනේ

මාව කාටවත් නවත්තන්න බෑ

මම මේ කට්ට කනවා

මම මගේ ඉලක්ක අත අරින්නේ නෑ

මම දිගටම උත්සහ කරනවා

මට පුලුවන්

මේ විදියට තමා උබ දැන් හිතන්න ඕනේ

උබ දැන් ඉන්නේ කෙල්ලෙක් නිසා අඩ අඩ නම් කොල්ලෙක් නිසා අඩ අඩ නම් උබ වැටිලා කියලා හිතෙනවනම් දැන් තමයි වෙලාව නැගිටපන් කෙලින්

අයේ උබව වට්ටන්න බැරි වෙන්නම

අයේ උබ වැටෙන්න බෑ

උබට පුලුවන්

මම පොඩි එකෙක් නෙමේ මට වගකීම් තියෙනවා
මගේ ගමන මම යනවා
මාව දාලා ගියපු උන්ව අයේ මගේ කකුල් දෙක ගවාටම ගේනවා කියන මොරාල් එක් ගනින්

මට බැ අනිත් උන්ට පුලුවන් උනාට මට බැ කියන සිගිති අදහස් වලට පයින් ගහපන්

නැගිටින්න පුරුදු වෙන්න කොන්ද පන ඇතුව

කාටවත් උබව වට්ටන්න බැරි වෙන විදියට

හොදට ඉගෙන ගනින්

මේ සමාජේ ගැන ඉගෙන ගනින්

පොත් පත් කියෝපන්

උබට දේයක් ගන්න තියෙන උන් විතරක් ආශ්‍රය කරපන්

කාගෙවත් කකුල් දෙක ලග වැටෙන්න එපා

කාටවත් බය වෙන්න එපා

කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් තනියෙන් නැගිටපන්

තනියෙන් ගේම ගහපන්


සසා ⃟⃟◍‌❀

@best_m_otivation
#questions
#motivation
#lifetips
#සසා ⃟⃟◍‌❀
93 views10:45
Open / Comment
2021-10-09 13:30:07
@best_m_otivation
#memes
230 views10:30
Open / Comment
2021-10-09 12:30:01
@best_m_otivation
#daydream
491 views09:30
Open / Comment
2021-10-09 10:30:07
@best_m_otivation
#memes
821 views07:30
Open / Comment
2021-10-09 09:30:04
@best_m_otivation
#todaythought
954 views06:30
Open / Comment
2021-10-09 07:31:01 Déjà Vu.....(ඩෙජා වූ)


ඔයා ජිවිතේ සමහර තැන් වලදී සමහර මිනිස්සු හමුවෙද්දි මීට කලින් මේ දේවල් ඒ විදිහටම වෙලා තියෙනවා වගෙ මතකනේ..... මේ වගේ හුරු හුරුපුරුදු අත්දැකීමක් ඔයා අත්විඳලා තියෙනවද??

ඒ මොකක්ද?
ඒකට මුහුණ දෙන්න මොනවගෙ අයද?
ඒක ලෙඩක් ද?

මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති වෙලා ඇති.....

අන්න ඒක ගැන තමා අද මං කතා කතා කරන්න යන්නේ.....


ඒ හැඟීමට කියන්නේ deja-vu කියලා. හරිම අමුතු නමක් නේද? ඇත්තටම එක ඉංග්‍රීසි වචනයක් නම් නෙමෙයි.

දැනටමත් දැක ඇත කියන තේරුම තියන ප්‍රංශ වාක්‍ය ඛණ්ඩයක් déjà vu කියන්නේ.

ඒක ඉංග්‍රීසියෙන් ණයට ගත්තු වචනයක්. එදිනෙදා අපි පාවිච්චි කරන ගොඩක් වචන තියනවා ඒ විදිහට ණයට ගත්තු.

ඒ වගේම déjà vu කියන්නේ එදිනෙදා අපි හැමෝම අත් දකින සාමාන්‍ය මානසික තත්වයක්.

මිනිස්සුන්ගේන් සියයට හැත්තෑවක් (70%) විතර මේ තත්ත්වය අත්දකින බව හොයාගෙන තියනවා.

ඒක සෞඛ්‍ය සම්පන්න මොළයක ලකුණක් ලෙසයි සඳහන් වෙන්නේ.

ඒ නිසා ඒ ගැන කොහෙත්ම බය වෙන්න දෙයක් නම් නැහැ.

ඒත් අසාමාන්‍ය ලෙස දිග්ගැස්සුණු නැත්නම් නිතර නිතර සිදුවීම, මායාවන් ඇතිවීම වගේ déjà vu තත්ත්වයන් ස්නායු හෝ මානසික රෝග ලක්ෂණයක් විය හැකි නිසා ඉක්මනින් ප්‍රතිකාර ගැනීමයි වඩා හොඳ.

වයසෙන් වැඩි වීමත් එක්කම déjà vu අත් දැකීම් අඩු වෙන බව පර්යේෂණ වලින් සොයා ගෙන තියෙනවා.

ඒ වගේම තමයි ඔයා නිතර නිතර travel කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් නිතර film බලන කෙනෙක් නම් ඔයාට අනෙක් අයට වඩා déjà vu තත්වය අත්දකින්න පුළුවන්.

මානසිකව කඩා වැටීමක දී අධික පීඩනයකින් අවස්ථාවලදීත් වැඩියෙන් මෙය තත්ත්වයට ලක් වෙන්න පුළුවන් බවත් පර්‍යේෂණ වලින් තහවුරු කරලා තියනවා.

මේ ලිපියෙන් සමහර විට ඔයාගේ හිතේ ගොඩ කාලයක් තිබුන ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙන්න ඇති කියලා මං හිතනවා.

ඉදිරි ලිපි වලින් තවත් අපි මේ déjà vu තත්වය ගැන කතා කරමු.

by:

⃟ ➤⃟‌⃝⃘‌ Nїr∪∪ ⃟ ➤⃟‌⃝⃘‌

@best_m_otivation
#psychology
#lifetips
#questions
#Nїruu
1.1K views04:31
Open / Comment
2021-10-09 07:30:08
1.0K views04:30
Open / Comment
2021-10-09 05:40:03
@best_m_otivation
#examtricks
1.2K views02:40
Open / Comment
2021-10-09 05:30:07 Try and try one day you can fly

@best_m_otivation
#lifetips
1.2K views02:30
Open / Comment