Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 39

2021-10-28 19:03:36 වෙනස ගැන මොකද හිතන්නේ ......
1.4K views16:03
Open / Comment
2021-10-28 18:04:41 _2021/10/26_

* -විභාගේ කට උඩ *

* -පාඩම් කරන්න හිතෙන්නෑ *

* -පොත අතට ගත්ත ගමන් ෆෝන් එක මතක් වෙනවා *

* -නිදි මතයි *

* -හැම යාලුවෙක්ම පාඩම් කරනවා මන් විතරයි නිකමෙක් වගේ ෆෝන් ඔබෝබ ඉන්නේ *

* -නෝට් එකක් නෑ *

* -ඔන්ලයින් ක්ලාස් ගිහිනුත් දුන්න වැඩේ කරේ නෑ *

* -ඒ මදිවට ක්ලාස් යන්න සිග්නලුත් නෑ *

* -මන් කාලකන්නයෙක් *

උබත් මේ වගේ හිතන එකෙක් නේ

ඔව් නේ ඇත්ත කියපන්

හරි උබ හිතුවද ඇයි උබට මෙහෙම වුනේ කියල

ඒකට හේතුව උබම තමා බන් වෙන කවුරුත් නෙමේ

ඇත්ත්ටම තව එකෙක්ට පුලුවන් වෙන්නයි...උබලට බැරි වෙන්නයි හේතුවක් නෑනෙ

තීන්නෙ උබලගෙ කම්මැලිකම

අම්මල අතට පයට හැමදේම දෙනවා

උබල කකා බිබී ෆෝන් එක කොටනවා

අසාමාන්‍ය නිදිමතවල් නෑනෙ උබලට

බොරුවට හිතින් මවා ගන්නෙපා ඉතින් දැන් මට නිදිමතයි කියලා

මොකෝ උබල අමුතුද

තනි බොරුවනෙ උබල කරන්නෙ

උබල කරොත් උබලගෙ අම්මලටද තාත්තලටද

මටද

අනේ නෑනේ බන්...උබලටම තමයි

ගොන්නු වගේ ඉන්නෙ නැතුව වැඩ කරපල්ලා

උඹ මොකක්ද ඔහොම ඉදල බලාපොරොත්තු වෙන්නේ

ගාමන්ට් යන්නද

නැත්තන් ත්‍රීවිල් එකක් එලවන් ඉන්නද

තවත් මෝඩයෙක් වෙන්නේ නැතුව වැඩ කරපන් බන්

හැමදාම පාඩම් කරන්න ඉද ගන්න කලින් මතක් කරපන්,

ඉස්කෝලෙ යනකොට උඹේ අම්ම වෙහෙස මහන්සි නොබලා උදේ පාන්දර නැගිටගෙන කන්න උයන හැටි

මතක් කරපන් තාත්තා ඔබ වෙනුවෙන් හම්බකරන්න කන කට්ට

මේ ඔක්කොම ඒ දෙන්න කරේ උබ වෙනුවෙන් නේද

හිතන්න යාලුවා පොඩ්ඩක්

උබ ඇත්තෙන්ම වාසනාවන්තයි

පොඩ්ඩක් අහන්නකෝ මන් කියන දේ

ස්ටේටස් බැලුවා නෑ කියලා තිරිසනෙක් වෙන්නෑ නේ බන්

මෙච්ච්ර නැහී ගෙන කට්ට කන උබේ අම්මයි අප්ප්ච්චියි වෙනුවෙන් වැඩ කරන්න බැරිනම් අන්න එතනයි උබ තිරිසනෙක් වෙන්නේ

ඒ මිනිස්සු දෙන්න ඉපදුන දවසේ ඉදන් නැහිලා නැහිලා අවුරුදු 18ක් 19ක් ගිහින් දැනටම

ඒත් ඔයාට ඒ මිනිස්සු දෙන්න වෙනුවෙ අවුරුදු දෙක හමාරක් කට්ට කන්න බෑ

හිතන්න මිත්‍රයා මේක සාධාරණද

තාමත් පරක්කු නෑ බන්

ඉතින් මේ විභාගෙ ගොඩ දාල ඒ දෙන්නගෙ මුනට හිනාවක් ගෙන්න බැරිනම් උබෙන් ඇති වැඩේ මොකක්ද

මේ කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතලා බලපන් උබේ ඔය අලගෙඩි වගේ මොලෙන්

සමහර යට රිදෙන්න ඇති

අනේ ඉතින් සමාවෙන්න හිත රිදෙන්න මොකක් හරි කියවුනානම්...උබේ හොදටමයි කිව්වේ

මෙතනින් එහාට උබට බාරයි


* සසා ⃟⃟◍‌❀*
@Sasa_2_1

@best_m_otivation
#motivation
#questions
#සසා
1.7K views15:04
Open / Comment
2021-10-28 14:06:26 උදේ ඇඳෙන් පැනීමට ඔබට අවශ්‍ය කරන ඉලක්කයක් තබන්න

තව විනාඩි කිහිපයක් නිදාගැනීමට තමන්ට සාදාරණ හේතු හදාගන්න එකෙන් හරි

අම්ම ඇහැරවද්දි "අනේ තව ටිකක් නිදාගන්න දෙන්නකො" කියල කියන එකෙන් හරි

වක්‍රාකාරව කියන්නෙ
"මට තව ටිකක් කාලකන්නි වෙන්න දෙන්නකො" කියලයි.
මන්ද, කාලය සීමිතයි

අරමුණු කියන්නෙ අපිට නිදාගන්න දෙන්නෙ නැති දේවල්වලට.

ඉතින්,
බොරුවට ඇද රත් කරන්නෙනැතුව ඵලදායී විදිහට පුටු රත් කරමු

මේ ටිකෙ කට්ට කෑව කියල මැරෙන්නෙ නෑ දෙයියනෙ

කෝ උබල පොඩි කාලෙ මවපු හීන

මං ඩොක්ට කෙනෙක් වෙනව, වෙලා ගමේ හැමෝටම බේත් දෙනව. මං ඉංජිනේරුවරයෙක් වෙනව, වෙලා රටට සේවයක් කරනව, වගෙ එක එක දේවල් කියන්නැති.
අම්මත් හිතන්නැති මගෙ එකාව කොහොමහරි ඒවගෙ එකෙක් කරනව කියල. ඔව් බං, මේ දැන් වෙනකනුත් අම්ම හිතන්නෙ එහෙම.

ඒත්, සමහරවිට අම්ම නොදන්නව ඇති උබ ගෲප් ගානෙ ගිහින් වැඩ කරන්න තියෙන කම්මැලිකමට සාදාරණ හේතු හොයනව කියල

වැඩක් කරන්න තියෙන හොඳම විදිහක් තමා ඒක පටන් ගන්න එක. ගොඩ ඉදන් පීනන හැටි කියල දෙන්න බෑ. ඒකට වතුරට බහින්නම වෙනව

මතක් කරල බලන්න, රිසාල්ට් ශීට් එකෙ A,B අකුරු ටිකක් පෝලිමට පහලට තියෙද්දි

අම්ම සතුටින් කෑගගහ අඩන හැටි. තාත්තත් ඇඩුවෙ නැති උනාට උබ ගැන ගෞරවයක්, විශ්වාසයක් ඇති වෙනව බං.
?

එක්සෑම් ඉවර වෙලා ඔයාගෙ යාලුවො හොඳට පේපරේ ලියල සතුටින් හිනා වෙලා යනවනන්,

උබත් ඒ ගොඩටම එකතු වෙයන්.

මේ අවසාන පාර


පොසී

( Copied )

@best_m_otivation
#questions
#motivation
343 views11:06
Open / Comment
2021-10-28 11:30:02
@best_m_otivation
#memes
777 views08:30
Open / Comment
2021-10-23 05:30:10 හැකි සෑමවිටකම සත්‍යවාදී වෙන්න.__

@best_m_otivation
#lifetips
1.4K views02:30
Open / Comment
2021-10-22 15:30:03 2021/10/20

ඔයා පාඩම් කරන්න පටන් ගන්නේ කොහොමද

-අයියෝ මල වදයක්

-කවදා මේක ඉවරවෙයි ද

කියලා හිතලානේද

එහෙම හිතුවොත් කොහොමත් පාඩම් කරන එක පට්ට stress එකක්

"එහේ බැලුවත් විභාගේ මෙහේ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ "

කියලා හිතුවොත් ඉතින් ඉවරටම ඉවරයි ඉතින් හොදද

එහෙම නෙමෙයි මුලින්ම පාඩම් මේසය පිලිවෙලකට අස් කරගන්න.

ඊළගට හොදට wash එකක් එහෙම දාලා refresh වෙලා වැඩේ පටන්ගන්න.

පාඩම් මේසේ ඉස්සරහා වාඩි වෙලා මොහොතක් ඇස් පියා ගෙන මතක් කරගන්න

ඔයා O/L,A/L class එකට ඉස්ස ඉස්සෙල්ලා ගිය දවසේ කොයි තරම් නම් බලාපොරොත්තු තිබ්බාද එදා

ඉතින් ඒ හීන මැකිලා යන්න දෙනවද ඔයා

හිතාගන්න ඔයා ඔයාගේ exam results බලන විදිහ

කොහොමද එදාට හොද result එකක් දාලා තියෙන කොට හිතට එන ගැම්ම

අම්මාගේ තාත්තාගේ හිනාව

ඔයාට පුළුවන් අර අහිංසක අම්මාටයි තාත්තාටයි ඒ කවුරු නැතත් ඔයාටම ඔයාගේ ඒ හිනාව ඒ සතුට ගෙනල්ලා දෙන්න පුළුවන්

හිතට පට්ට ශක්තියක් ආවා නේද

මං දන්නවෙ ඔයාට ඒක කරන්න පුළුවන්...ඔයා දක්ෂයි

මේ ලොකේ කරන්න බෑ කියලා දෙයක් නෑ

හැම ඒකටම මුල ඔයාගේ මනස

ඔයාගේ මනසම තමයි ඔයාව අදක්ෂයෙක් කරන්නෙත් අති දක්ෂයෙක් කරන්නෙත්

ඔයා ඔයාව විශ්වාස කරන්න මුලින්ම ඔයාට පුළුවන් කියලා

මොන දේ කොහොම වුණත් ඔයා ඒ හීනය සැබෑ කරගන්නවා කියලා

ඔයා ඔයාව විශ්වාස කරන්නේ නැත්නම් මේ ලෝකේ කවුරුත් ඔයාව විශ්වාස කරන්නේ නෑ

හිතන්න

ඔයා මේ වැඩ කරන්නේ ඔයාව ඔයාගේ හීනය වෙනුවෙන් එක් කරගෙන යන්න කියලා

කරදරයක් නෙමෙයි කරන වැඩේ ඔයාටම ආවේණික විදිහට style එකක් හදාගෙන පට්ට ආතල් එකේ කරන්න

පුංචි පුංචි target ඔයාටම දෙන්න

අද මම මේ area එක cover කලොත් මේ දේ කරනවා කියලා

ඔයා ඒ දේ කලොත් ඔයා ඔයාවම අගය කරන්න

ඔයා ඔයාගේ හොදම යාළුවා වෙන්න

එක පාර වැඩ ගොඩක් නෙමෙයි හරියට plan එකක් හදා ගෙන ඒ මොහොතේ කරන වැඩේ හරියට full focus එක දීලා කරන්න

කාටවත් complain කර කර ඉන්න එක නවත්වන්න

ඔයා ඔයාගේ ජිවිතේ වගකීම සම්පුර්ණයෙන් අරගන්න

කවුරුත් එන්නේ නෑ අපේ හින සැබෑ කරලා දෙන්න

ඒකට වැඩ කරන්න ඕන ඔයා විතරමයි

මේ දවස් ටිකේ විතරනේ මහන්සි වෙන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාට ලොකු නිවාඩුවක් ලැබෙනවානේ

එන්න හොද හුස්මක් අරගෙන අපි සුපිරියටම exam එක ගොඩ දාගමු...ඔයාට පුළුවන්



සසා ⃟⃟◍̸̣❀

@best_m_otivation
#questions
#motivation
#සසා ⃟⃟◍̸̣❀
1.5K views12:30
Open / Comment
2021-10-22 11:30:02
@best_m_otivation
#memes
1.5K views08:30
Open / Comment
2021-10-22 10:30:00
@best_m_otivation
#todaythought
1.5K views07:30
Open / Comment
2021-10-22 09:30:03
@best_m_otivation
#daydream
1.5K views06:30
Open / Comment
2021-10-22 08:30:00
@best_m_otivation
#memes
1.5K views05:30
Open / Comment