Get Mystery Box with random crypto!

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Logo of telegram channel rooofficial — #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
Channel address: @rooofficial
Categories: Telegram
Language: English
Subscribers: 682
Description from channel

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭
💟 දැනෙන හැගෙන දේ මැවෙන්නට නොව මවන්නට...✍️
™Owner @LahiruFdo 🔐
@RooFeedBackBot 👈 Bot 🤖 හරහා ඔබගේ නිර්මාණ අපට එවන්න.
🔘 Explorer since • 2⃣0⃣2⃣1⃣

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages 80

2021-10-08 21:44:53
පීදුනු පෙමට තටු දෙන්නට සිතුවාට
කලු සෙවණැලි දුම් දැමුවනෙ දරුණුවට
කල් අරිනා මට නොදැනිම සටකපට
වහල් වෙන්න බෑ බං උඹෙ බොරු පෙමට

වියතක දුරක්වත් තිබුනද කුලුදුලම
ගව් ගණනක් දුරයි බං දැන් බැඳි පෙමට
වහන් කෙරුවමුත් දැණුනනේ හදවතට
දස අත උබට මැවුනද කාමුක සතුට

දෙකට නවලා දැම්මත් උණ පුරුකකට
ඇද අරින්න බැහැලුනේ බං බලු නකුට
රැවටෙන්නට උඹ කියනා වැදි බණට
ගිහින් කියන් කනක් විදපු චීනෙක්ට

ආලේ පිරුණු පපුවක හෙව්වට රස්නේ
සීතයි දැනුනේ කුණු බැදිච්ච උඹේ පපුවේ
හදවත ඉරන් දුන්නට මගෙ පිරිසිදු ප්‍රේමේ
මායාවෙන් රවටන් උඹ හෙව්වෙම රාගේ

හද ලිව්වේ නුබෙ නම විතරමයි ප්‍රියේ
කී දෙනෙකුට කිව්වද උඹ බොරු නෙවෙනේ
කිව්වට මොකද රන් කඳ මගෙ සුදුබෝලේ
පිත්තලවත් වටින්නැහැනේ උඹෙ ප්‍රේමේ

රෝස මලට තිබුනට බං පෙති බොහොම
සුමුදු බවෙන් වැහෙනවා යට කටු අත්ත
කිව්වට කවියෝ ආලේ තීන රස පැත්ත
රිදුම් දෙනවා කටු ඇනිච්ච හද පත්ල


•| ~R.L.Savindi~

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:44
Open / Comment
2021-10-08 21:44:53
මට අද ඔයාලට කාන්තාව ගැන කියන්න හිතුනා.
ඇත්තටම ජීවිතේ ගොඩක්ම දුක් විදින්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද ඇහුවත් 95%ක් වත් කියයි කෙල්ලො කියලා.
ඔව් ඇත්ත කොල්ලෙක්ට වඩා වැඩියෙන් කෙල්ලො දුක් විදිනවා.
කොල්ලෙක්ට තියෙන නිදහස කෙල්ලෙක්ට නෑ බං
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කෙල්ලෙක්ව ගෙදරින් එලියට දාන්නෙ හිතේ ලොකු බයක් තියන්.
ඒ බයට එකම හේතුව කොහේ හරි ඉන්න ජරා කොල්ලො තමා
කෙල්ලෙක් කොටට ඇදලා ගියත් දිගට ඇදලා ගියත් ගොඩක් කොල්ලො එයා දිහා බැලුවේ වැරදි විදියට.
සමහර කෙල්ලොත් ඉන්නවා කාන්තාව කියන නම විනාස කරන.
මේ වගේ කෙල්ලො හින්දා ගොඩක් අය කෙල්ලො දිහා බැලුවේත් අර කෙල්ලො දිහා බලන විදිහට.
අපිත් ආසයි කොල්ලො වගේ බයක් නැතුව පාරෙ යන්න.
හැම කෙල්ලෙක්ම වගේ දවසක අම්මා කෙනෙක් වෙනවා.
ඉතින් හැම කෙල්ලෙක් දිහාම ඔයාගේ අම්මා,සහෝදරිය දිහා බලන විදියට බලන්න.

•| Silva

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:44
Open / Comment
2021-10-08 21:44:46
තිතක් වෙන්නැති
හිතක් නැතිවැති
මගේ ආදරේ
තිත්ත වෙන්නැති..

නුඹ කීවේ නැති
මම ඇහුවෙ නැති
හේතු දහසක්
හදවතේ ඇති..

නුඹ හරිත් ඇති
මම වැරදි ඇති
ආදරේ හැටි
මෙහෙම වෙන්නැති..

•| ලක්සල පෙරේරා..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:44
Open / Comment
2021-10-08 21:44:46
හද ඇල්ල
හිස් කරන
පෙම් බැන්ද
පෑවිල්ල
නුඹ...

•| චාපා ප්‍රනාන්දු..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:44
Open / Comment
2021-10-08 21:44:46
ආදරය නම් සුවිසල්
ග්‍රන්ථයක්ය..

එහි පළමු පිටු ගී,
කවි, නිසදැස්ය..

මැද පිටු ත්‍රාසය පිරි
මාරක කතාය..

අවසන් පිටු සියල්ලම
ජාතක කතාය..

•| අංජන චතුරංග..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
16 views18:44
Open / Comment
2021-10-08 21:44:45
උඹ දන්නවද බං
මේ ඇස් දෙකෙන් උඹ දිහා බලා ගෙන කොච්චර හිනා උනාද කියලා....

අද මං ඒ ඇස් දෙකන්ම උඹ පේන්න නෑ කියලා අඩනවා බං....
-------_______------------:-------------

උඹ දන්නවද බං උබට මේ හදවතින් ආදරේ කලාද කියලා....


අද ඒ හදවත උඹ මට ආදරේ නෑ කියලා වේදනා විදිනවා බන්....


_°_°_____•°•°------------


උඹ දන්නවද බං මන් උබට ආදරේ කරපු තරම්...


නෑ බන් උඹ දන්නෙ නෑ....

හැබැයි මේ බැල්කනිය දන්නවා...

උබ එනකම් මන් බලා හිටපු කල්.........


ආදරණීය ආශූ ගෙන්.....

කිවිඳියකු නොවන මා...


#SinhalaQuates #RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛
17 views18:44
Open / Comment
2021-09-05 09:53:02 https://telegra.ph/%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A-%E0%B6%B8%E0%B6%AF%E0%B6%B1-09-04-2
16 views06:53
Open / Comment
2021-09-05 05:30:42
My Eye

#SinhalaQuates #RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial
┗━━━━ • • ✿ • • ━━━━┛
69 views02:30
Open / Comment
2021-09-05 04:45:17
Good Morning
74 views01:45
Open / Comment
2021-09-04 21:36:08 නිශාචරයෝ සිටිත්ද Comment එකක් හලන් යමු
16 viewsedited  18:36
Open / Comment